About Us

  1. home
  2. About Us

Greetings & WelcomeKnow More About Us

2007 වසරේ ලියාපදිංචියෙන් ඉතා කුඩා ලෙස පියවර තැබූ ‘‘පදනම ප‍්‍රකාශන ආයතනය’’ බාධක කම්කටොළු ගැහැට බිඳ වර්තමානය වෙත පැමිණ සිංහල, දෙමළ, මුස්ලිම් ආදි ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකික දූ පුතුන්ගේ නැණ පහන් දල්වාලමින්, ඔවුන්ගේ අනාගතය ඒකාලෝක කරමින් ප‍්‍රමුඛ පෙළේ පවතින ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් හෙබි ප‍්‍රකාශන ආයතනයකි. ආරම්භයේ සිට ම වර්තමානය දක්වා එහි විධායක අධ්‍යක්ෂවරයා වන්නේ අරුණශාන්ත අමරසිංහ මහතාය.


ඔහු කළපළුවාව ශ‍්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් හා ගොතටුව මහා විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා, කොළඹ ලූම්බිණි විද්‍යාලයට ඇතුළත්ව වාණිජ විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨ ප‍්‍රතිඵල ලබාගෙන, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද වාණිජවේදී විශේෂ උපාධි ධරයෙකි.

image description

විශ්වවිද්‍යාලයේ සමයේ සිට ම පෞද්ගලික ව සිසු දරු දැරියන්ට අ.පො.ස (ස/පෙළ) ව්‍යාපාර අධ්‍යයනය ද අ.පො.ස (උ/පෙළ* සඳහා ගිණුම්කරණය ද උගන්වමින් වසර ගණනාවක් කිස්සේ සිසු සිසුවියන් සමග කටයුතු කරමින් දරුවන්ගේ අධ්‍යාපනික ගැටලූ, පාඩම් කිරීමේ අපහසුතා, මතක තබා ගැනීමේදි ඇතිවන ගැටලූ ඉතා සූක්ෂමව අධ්‍යයනය කර, එම අධ්‍යාපනික දුර්වලතා මගහැරෙන අයුරින් පාඩම් කිරීමේ ශිල්ප ක‍්‍රම, වැඩි කරුණු ප‍්‍රමාණයක් මතක තබා ගැනීමේ ක‍්‍රමවේද, විභාග සඳහා ඉහළ ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීමේ ක‍්‍රමවේදයන් පිළිබඳව මනෝ විද්‍යාත්මකව අධ්‍යයනය කර අත්දැකීම් සම්භාරයක් ලද නිරීක්ෂකයෙකි.

එමෙන් කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට ගුරුවරයෙකු ලෙස පත්වීම් ලබා වසර ගණනාවක් ගිණුම්කරණය විෂය ඉගැන්වීමෙන් පාසල් දරුවන් හා ගුරුභවතුන් මුහුණ පාන අධ්‍යාපනික ගැටලූ පිළිබඳ ව මනා අවබෝධයක් හා ඒවාට විසඳුම් ලෙස ඉදිරිපත් කළ හැකි ක‍්‍රමවේදයක් හඳුනාගත් ආචාර්යවරයෙකි.

එමෙන්ම 2007 වසරේ දී රජය විසින් නව විෂය නිර්දේශ හඳුන්වා දීමේ දී ව්‍යාපාර අධ්‍යයනය විෂය වෙනුවට ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂය නිර්දේශ කළ අවස්ථාවේ දී, ගුරුවරු ද එම විෂය තෝරාගත් දරු දැරියන් ද ඔවුන් ගේ දෙමාපියන් ද විෂය කරුණු සොයා ගත නොහැකිව ගැටලූ රාශියකට මුහුණ පෑහ. 2007 පෙබරවාරි මාසයේ දී අරුණශාන්ත අමරසිංහ මහතා ‘ව්‍යවසායකත්ව අධ්‍යයනය’ නමින් ග‍්‍රන්ථයක් සම්පාදනය කර බෙදා හරිමින් ඔවුන් ඇස්වැසූ එකම ප‍්‍රතාපවත් ආචාර්යවරයා විය. ඔහු කුඩා ලෙස ආරම්භ කල පදනම ප‍්‍රකාශාන ආයාතනය, ඉතාම කෙටි කලකින් ශ‍්‍රී ලංකා ද්වීපයේ ගම් දනව් සිසාරා දූ දරුවන්ගේ දැනුම් පිපාසය සංසිදුවමින් ව්‍යාප්ත වූයේ, ඔහු තුළ පැවැති අධ්‍යාපනික ක‍්‍රමවේදය සම්බන්ධ හසල අද්දැකීම් සම්භාරයත්, තම වෘත්තීය නිපුණත්වයත්, උපරිම කැපවීම හා නොපසුබට උත්සහයත් නිසාය.

දැඬි තරගකාරී විභාග රටාව නිසා බෝහෝ දරුවන්, දෙමාපියන් හා ගුරුභවතුන් අධ්‍යාපනය වෙනුවෙන් ඇති විශාල පරිශ‍්‍රමයක් දැරුවද ඉන් ලැබෙන ඵලය උත්සහයේ තරමට සැහීමට පත් විය නොහැක. ඉන් සිදු වූයේ ‘‘අධ්‍යාපනය ජයක් නැති බරක් පමණක් ය’’ යන ආකල්පය සමාජ ගත වීම පමණි.

නමුත් දරුවන් උගත යුත්තේ විනෝදයෙනි. ඒ සඳහා විවිධ විනෝදස්වාදී ක‍්‍රම අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගත යුතුය. එවිට වෙහෙසක් නොදැනී ලබාගන්නා දැනුමින් පෝෂිත දරුවන් කිසිදු බරක් නොමැති ව විශාල ජයග‍්‍රහණ අධ්‍යපනයෙන් ලබා ගනු ඇත. අධ්‍යාපනයේ ගමන් මග විය යුත්තේ ද එයයි. වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද ඊට සරිලන නිෂ්පාදන අප ආයතනය මගින් බිහි කරන්නෙමු. ඔබට ජය . . .!!!!

10% Discount For All

Enjoy 10 % discount for total bill if you purchase by our Web Site and Android APP

Our Pride MomentsJourney of Success