Padanama Education Society

8-9 ශ්‍රේණි සිංහල රචනා හුරුව කෙටි සටහන්

  • Grade: Grade 08 - 08 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556793796
  • Book Type: Short Notes
  • Category: Grade 8 , 9 - ශ්‍රේණි
  • Sub Category: Short Notes
  • Subject: Sinhala - සිංහල
  • Availability: In Stock (684)

  • About Author

    Padanama Education Society

Rs. 195.50 230.00
Qty

ගමේ පාසල

 අපේ ගමට ගුණවත් උගත් දූ දරුවන් බිහිකරන ගමේ පාසල පිහිටා ඇත්තේ  වෙල් යායකින් වට වූ පුංචි දූපතක ය . සුදුවතින් සැරසුණු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නියර දිගේ පේළියට  පාසලට පැමිණෙන විට අලංකාරයක් ගෙන දේ. ඔවුන් සියලු දෙනාම නව බලාපොරොත්තු සිතේ තබාගෙන පාසලට පිවිසෙති. එනම් යම් දිනක උගතෙකු වී මේ රටට සේවයක් සිදු කිරීමට ය .පාසල් මාතාවට ඉතා ආදරයෙන් ඔවුහු අධ්‍යාපනය ලබන්නේ  එම බලාපොරොත්තු ඉටු කර ගැනීමටය.

 ගමේ පාසල ප්‍රදේශයට ම විශාල සේවාවක් සලසයි.  ධනවතුන්ගේ දරුවන් නගරයේ පාසලට යන විට දුප්පතුන්ගේ දරුවන් මේ පාසලට පැමිණෙති. ඔවුනට අකුරු ශාස්ත්‍රය පමණක් නොව හොඳ ගුණධර්මයන් ද පුරුදු පුහුණු කරනු ලබන්නේ පාසල තුළිනි. නගරයෙන් මෙන්ම ගමෙන් ද පාසලට පැමිණෙන ගුරුභවතුන් සියලු ම දරුවන්ට ආදරයෙන් අධ්‍යාපනය ලබා දෙති. රටට අනාගතයේ දී බිහි  වන නායකයන් මේ පුංචි දරුවන් බව දන්නා ගුරුභවතුන් ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දී නිවැරදි දේ උගන්වති.

 

මෙවැනි ඉතා සාර්ථක අයුරින් පෙළ ගස්වන ලද රචනා මාතෘකා කිහිපයක් මෙම කෙටි සටහන තුළ අන්තර්ගත වේ.ඔබට මෙම කෙටි සටහන් අධ්‍යයනය කිරීම මගින්  ඉතා සාරවත් ලෙස හා සාර්ථක ලෙස රචනාවක් ලිවීමට හැකියාව උදාවනු ඇත.

Brand Slider