About Author
Padanama Education Society
Padanama Education Society
තේරවිලි කියවා රසවිඳීමට හා ඒවා විසදීමට කුඩා , වැඩිහිටි අපි කවුරුත් කැමැත්තෙමු. විවේකය ප්රයෝජනවත් ලෙස යොදා ගැනීමට හා විනෝදයට අපේ මුතුන් මිත්තෝ තේරවිලි භාවිත කර ඇත. මෙම තේරවිලි තුළින් පරිසරය පිළිබඳ දැනුම මෙන්ම භාෂා දැනුම ද වර්ධනය කරගන්නට උදව් වෙයි. ප්රහේලිකාව අතර ඇත්තේ සමාන බවකි. ඒ නිසා තේරවිල්ල යන වචනයට ප්රහේලිකාව යන්න සමාන අර්ථයක් දෙයි. එසේම තේරවිලි අපේ බුද්ධිමය දේපළකි. මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන තේරවිලි වලට නිර්මිත පුද්ගලයෙකු නොමැත හරියටම ජනකවිය මෙනි.